මෙම ලිපිය හරහා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ ජංගම දුරකථනයේ තිබිය යුතුම දුරකථන යෙදුමක් පිලිබඳවයි. එනම් 긴급신고 바로 යෙදුමයි.
සාමාන්‍යන් දකුණු කොරියාවේදී ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා හදිසි ඇමතුම් අංක වන 119 සහ පොලිස් හදිසි ඇමතුම් අංකය 112 අංශ දෙකම එකතු වී ඇති හදිසි අවස්ථා දැනුවත් කිරීමේ ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී ඇත.
▶ හදිසි රෝගාතුරු අවස්ථාවක ගිළන් රථයක් ගෙන්වාගැනීම
▶ රථවාහන අනතුරකදී පොලීසිය දැනුවත් කිරීම
▶ විදුලි සෝපානයක හිරවූ අවස්ථාවක, වැනි 119 හදිසි ඇමතුම් සේවා ලබාගත අවස්ථාවක
▶ හොර සතුරන් පැමිණි අවස්ථාවක පොලීසිය දැනුවත් කිරීම
▶ ඔබට කිසියම් පුද්ගලයෙකු පහර දෙන්නේනම් හෝ ගැටුමක්/ රණ්ඩුවක් දැනුම් දීමට
මෙම යෙදුමෙහි විශේෂත්වය වනුයේ ඔබට භාෂාව හැසිරිය නොහැකි වුවත් ඡායාරූප තෝරා දැනුවත් කිරීම හෝ ඡායාරූප/ වීඩියෝපට ඇතුළත් කළ පොලීසිය/ හදිසි ඇමතුම් අංශ දැනුවත් කළ හැකි වීමයි.
◆ මෙම යෙදුම හරහා විවිද ආකාර වලට පැමිණිලි කළ හැක.
① විස්තරය ඉංග්‍රීසි/ සිංහල භාෂාවෙන් ටයිප් කර වීඩියෝ හෝ ඡායාරූප ඇතුළත් කර පැමිණිලි කළ හැක. තමා සිටින ස්ථානය ඇතුළත් කළ සම්බන්ධ කළ හැකි දුරකථන අංක ඇතුළත් කළ පැමිණිලි කිරීම සිදු කළ හැක.
② ටයිප් කිරීමට අපහසු අවස්ථාවක හෝ නොහැකි අවස්ථාවක පහසුවෙන් ඡායාරූපයක් තේරීම මඟින් අදාළ අවස්ථාව පැමිණිලි කිරීම
③ තත්පර 5ක හඬපටයක් මඟින් ස්ව්‍යංක්‍රීයව 112 අංකයට පැමිණිලි කිරීම.
◆ ලියාපදිංචි වීම ඉතා පහසුයි
මුලින්ම Google Play Store, Apple App Store හි 긴급신고 바로 යන්න සොයන්න. ඉන්පසු යෙදුම Insatall කර විවෘත කරන්න. ලැබෙන සියල්ලටම Allow, Allow While useing the App බොත්තම ලබදෙන්න.
① යෙදුම භාවිතා කිරීමට භාෂාවක් තෝරන්න
② කොන්දේසි වලට එකඟ වීමට පහතින් ඇති Agree to all terms and conditions ඉදිරියෙන් ඇති හරි ළකුණ ටච් කර Verify බොත්තම ඔබන්න.
③ ඉන්පසු ලැබෙන තිරයෙහි නම, දුරකථන අංක ඇතුළත් කරන්න. ඉන්පසු දුරකථන අංකය තහවුරු කිරීමට ඛෙතයක් ලැබෙනු ඇත. එම ඛේතය ඇතුළත් කර Verify බොත්තම ඔබන්න. ඉන්පසු භාෂාව, ස්ත්‍රී පුරුෂ භාවය, සහ පහත කොටුවෙහි හදිසි අවස්ථාවක දැනුම්දිය යුතු කෙනෙකුගේ නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න. ඉන්පසු Complete බොත්තම ඔබන්න.
ලිපිය සැකසුම
තාරුක විජේසිංහ | E9pay Co., Ltd